Thursday, November 15, 2012

සුසර වීම හා අනුනාද වීම (හෙවත් හැඩගැසීම හා සංවේදී වීම )


අනුකම්පා සිතින්
තැත් කළෙමි මදක්
නමුත්
සුසර කල නොහැක
මගේ හදවත
නුඹේ හදවතේ සංඛයාතයට
වෑයම තද කළහොත්
බිඳී යනු ඇත මා සිත

සුසර වූවද කොහොමින්
භේදක ලක්ෂයට පෙර
දිවි ගෙවනු කෙලෙස
එවන් ආතතියකින්
ආයාසයකින්
එහෙයින් සබඳ
සමුදෙන්න මට

අනුනාද නොවේ මසිත
නුඹේ ප්‍රේමයට..


8 comments:

  1. සබද කිව මැන.....

    අනුනාද නොවුනු නුබේ සිත වෙනුවෙන්
    කිමද කදුලක් සැලුනේ මා නෙතගින්.......!!!!!

    ReplyDelete
    Replies
    1. නුඹේ කඳුලැල් නොතකන මා හින්දා
      එසේ වන්නේ නුඹේම අපලෙද මන්දා ;)

      (ස්තූතියි අදහසට :) )

      Delete
  2. ඝන වූ ඇගේ තත් සොලවන්න කලින් තවත් වරක් උත්සාහ කරන්න. ඔබේ තත් තාමත් සුසර කල හැකි බැවින් ;)

    ReplyDelete
  3. ඇයව සුසර කිරීමට උවමනා නැත
    ඇයට අනුනාද වන කෙනෙක් උවමනා කොට ඇත ;)

    (බොහොම ස්තූතී අදහසට :) )

    ReplyDelete
  4. අනුනාද වන්නේ කෙනා නෙවෙයි. සංඛ්‍යාතය. ;)

    ReplyDelete
  5. අනේ අප්පේ මට නම් තේරෙන් නෑ ටිමල්ගෙයි ඉසුරුගෙයි සංවාදෙ..

    ලස්සනයි පෝස්ටුව වචනවලින් කියන්න බැරි තරමටම..

    ReplyDelete
  6. අඃ.... සජානි. මේකනෙ වැඩේ. උසස් පෙළ කොයි තරම් රසවත් ද කියනව නම් ඒව අපේ ප්‍රායෝගික ජීවිතේට, අපේ සිතුම් පැතුම්වලට බද්ධ වෙලා. :)

    ඔන්න මං ඔයා වෙනුවෙන් ඒ සංවාදෙ සරළ බසට පෙරලනව. මේව ඉතින් බ්ලොග් එකේ අයිතිකාරය අතින් වෙන්න ඕනි යුතුකම් :/ ;)

    1.වෙනස් කළ නොහැකි ඇයව වෙනස් කරන්න හදන්න කලින් තාමත් වෙනස් වෙන්න පුළුවන් ඔයා වෙනස් වෙන්න බලන්න

    2.කැමත්තට බලපාන්නෙ කෙනා නෙවෙයි, කෙනාගෙ සිතුම් පැතුම්

    :) :) :)

    ReplyDelete
  7. මිතුරාගෙ යුතුකම්ද ඉටු කරන මිතුරෙකු ලැබීම පිළිබඳ මාගේ බලවත් සන්තෝසය :D

    ReplyDelete