Monday, July 20, 2015

අතැ'ර දැමූ මං පෙතක
යනෙන'තර ඉම සොයා
අතරමං විය අතර මග
නිම් තෙරක සිහිනයේ





Saturday, June 27, 2015

හිත හිරි වැටිලා...


හිතන්න බෑ
හිතෙන්නෙ නෑ
රට,ජාතිය
ආගම
අධ්‍යාපනය
ආදරය
අනාගතය
ආර්ථිකය
දේශපාලනය
අර්ථයක් නොහැඟෙන
නොදැනෙන හිස් වචන
ඒත් ඇහෙනවා නිතරම
බයයි මට මං ගැන
හය හතර
දහනවය විස්ස
තුන පහ
පැටලිලා ඉලක්කම් ඔක්කොම

නැද්ද බෙහෙතක්
හිතන්නට යමක්
අඩු ගානෙ ඡන්දෙ කාට දෙන්නද කියල

හිත හිරි වැටිලා
බයයි මට හිත ගැන