Thursday, November 22, 2012

පැරදුනු රෝමියෝ


එපා එපා තව
කියා කියූ හිත
යලිත් නැවතුනා
සොඳුරු වතක් ඟ..

මවා මවා ඇය
සිනාසුණා හිත
ඇගේ සිනා මුව
දිවා රැයේ දැක..

පුරා පුරා පෙම්
මත් වී ඇයගෙන්
කලක් ගෙවූවත්
තවත් හීනයක..

ඇයත් ගිහින් අද
කමක් නෑ ඒකට
ඟ කෑල්ල
තවත් රසවත්..



10 comments:

  1. බිස්කට් කනවා සේ ආදරය කරන්නට හැකිද :p

    ReplyDelete
  2. ඔයාගේ නිර්මාණය හරිම අගෙයි ඉසුරු.....!!!

    ඊළග කෑල්ල තවත්
    රසවත් යයි සිතන
    අපේ කාලයේ
    බිස්කට් බදු ප්‍රේමය......!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී :)

      නියම පූර්විකාව!!(වචනෙ හරිද මන්ද ;) )

      Delete
  3. හොඳට ලියනවා ..සිරා මචන් සුබ පැතුම් වැඩේට මගෙන්...
    දවසක ලියපන් වෘකයා ගැනත් ;)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී සහෝදරයා :)
      අනිවා..වෘකයගෙන් මට ගොඩක් අත්දැකීම්
      ලැබුනා.
      මේ ලියවෙන හුඟක් වචන පිටිපස්සෙන්
      වෘකයා හොල්මන් කරනව ;)

      Delete
  4. වෘකයත් දවසක යන්න යාවි.. එක නිසා වැඩි බලාපොරොත්තු තියාගන්න එපා :)

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම දවසක යන්න වෙනව
      කැමති උනත් අකමැති උනත්
      ඒ වෙනකන් ඉන්න එකයි වෙන්න ඕනි.
      ඒ දවස කලින් ප්‍රාර්ථනා කරන එක හරි
      ඒක ලඟා කරගන්න හරි නෙමෙයි අපි ඉපදුනේ

      Delete
  5. සමහර කතා මැදින් ඉවර වෙන්වා එක ඉවර උනාට පස්සේ ඒ කතාවල අයට යන්නත් වෙන්ව ..මොකද සමහරු කතා දෙකක් ලියන්න කැමති නැති නිසා..

    ReplyDelete
  6. හෑ...මොකෑ මේ වෘක කතාව..?????

    කොහොම වුණත් මමත් හිතනවා ඊළග කෑල්ල තවත් රසවත් කියලා..මොකෝ මන්චිනේ නයිස්.!!

    ඉසුරු ‍වචන ටික නියමයි...

    ReplyDelete
    Replies
    1. වෘක කතාව රහසින් කියන්නම් ;)

      ඒකනේ..මමත් එහෙම හිතනව :D

      බොහොම ස්තූතියි සාජානි :)

      Delete