Sunday, November 4, 2012

පෙරවදනකට පෙර පසුවදනක්..


කෙදිනක හෝ මෙලොවින් නික්ම යන දිනක
පසුවදනක් ලියන්නට කල් පැමිනි කල්හි
ප්‍රමාද වීමේ අවදානම මග හැර ගනු වස්
පෙරවදනකට පෙර ලියැවෙන පසුවදන..

දිවි මගෙහි මෙතෙක් දුර
එක් නිමේෂයක් හෝ
මා හා පියමැන්න
ළ'බැඳි මිනිසුනි,
මා නුඹෙන් ලද පැසසුම්
ඔවදන් සේම ගැරහුම්
මග කියා දුනි එන්න
මේ ගමන මේ ලෙසින්..

නුඹ කෙරෙහි හදේ රැඳි
ස්නේහය මෙලෙසින්
කිව නොහැක කෙදිනවත්
වචනෙකින් දෙකකින්
සිත රිදුම් දෙන දෙයක්
වියේ නම් මා අතින්
කමා අයදිමි දුකින්
නැවත නොරිදමි ඉතින්..

අවසරයි සමුගන්න
යලිත් නොදකින  ලෙසින්..





4 comments:

  1. ඔන්න මාව ඇඩෙවුවා මේ වචන ටික නම්..

    ReplyDelete
  2. තමන් සිතටත් වඩා වැඩියෙන්
    අනුන් ගැන සිතනා සිතකින්
    කෙසේ නම් රිදුම් ගන්නද
    ලොව අනික් වුන්?

    නොපවසා "යළිත් නොදකින ලෙසින්"
    බදිමු අපි පද "මතු යළි හමුවන අටින්" ලෙසට..

    ReplyDelete
    Replies
    1. එය එසේ වී නම්
      නික්ම යමි සැනසුම් සිතින්
      අවසරයි සමු ගන්න
      "මතුත් යළි හමුවන අටින්"

      ඔන්න කිව්ව එහෙනම් :D
      ගොඩක් ස්තූතියි සාජානි ඔයාගෙ අදහසට :)

      Delete