Saturday, November 17, 2012

වළාකුල


නුඹ ඇගේ සිත වගෙයි
නිමේෂයෙන් නිමේෂය
දැනෙන දුක එකතු කොට
විඳ දරා වේදනාවන්
තවත් ඉවසනු බැරිව
එක් වරම
වසී මහ කඳුලු වැසි
ඒ අනන්ත වූ වේදනාවන්
දිය කර කඳුලු බිඳු වල



5 comments:

  1. සොබාදහමින් උපමා ගෙන
    එයට සම කල හැකි වන
    සොබාදම් අපූර්ව නිර්මාණය
    ගැහැණියම වන්නේය..........!!!!!

    ReplyDelete
    Replies
    1. සියලු දේම සොබාදහමේ
      අපූර්ව නිර්මාන බව මගේ විශ්වාසයයි :)

      (අදහස නියමයි ආහ්..
      බෑ බෑ කියල තියෙන්නෙ පුරුද්දට මිසක්
      ඇත්තටම බැරි නිසා නෙමෙයි ;) )

      Delete
  2. කදු වළල්ලක ප්‍රතාපවත් බවත්..
    මල් පෙත්තක සුසිනිදු බවත්..
    සා පැටවකගේ අහිංසකත්වයත්..
    කොටි දෙනකගේ රෞද්‍ර බවත්..
    සුළගෙහි චංචල ස්වභාවයත්.. යනාදී සියල්ල එකතු කර කාන්තාව නිර්මාණය කරන ලදී කියන කතාව මතක් වුණා පෝස්ටුවයි ශානිකාගෙ කමෙන්ටුවයි දෙකම දැක්කම..

    අපූරුයි ඉසුරු..

    ශානිකාට බෑ බෑ කිවුවට ඔය ලියලා තියෙන්නෙ ඔයාත් අපූරු පද වැලක්..

    ReplyDelete
    Replies
    1. මේකනේ සාජෝ වුනේ....ඔයයි ඉසුරුයි දෙන්නම මට කිව්වනේ පොඩි ට්‍රයි එකක් දල බලන්න පද ටිකක් අමුණාගන්න කියලා.....!!මම ඉතින් මේ දවස් ටිකේ වැඩිය වැඩ නැති නිසා තනියම පොඩ්ඩක් ට්‍රයි කළා....;)ඔන්න වැඩේ සාර්ථකයි වගේ කියලා ඔයාලා දෙන්නම තමයි කියන්නෙත්... :)

      මම හරිම ආසයි ඔයාල දෙන්නා ලියන මේ පොස්ට් කියවන්න....ඔයාලට තවත් මේ වගේ දේවල් ලියන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා යාළුවනේ ...!!

      Delete
    2. බොහොම ස්තුතී සාජානි:)

      ඔයා කියපු කතාව මන් නම් කලින් අහල නෑ
      හැබැයි ඒක ඇත්ත වගේ ;)

      ශානිකාටත් බොහොම ස්තුතී:)

      Delete