සොඳුරු සොයුරිය
ළබැඳි යෙහෙලිය
නුඹම විය
දිවි ගමන මැද ලද
පෙර පැතූ ලෙස
මිතු දමින් බැඳ
එක සිතින් විඳ
දුකද සතුටද
බොලඳ පෙම් බස්
කෙලි කවටකම්
සෙනෙහෙ රැඳි
ඒ සොඳුරු දඟ කම්
නෙතට සවනට
මැවේ යලි යලි
සිනහ නංවා
කඳුලු අතරින්
අඳුරු වැටුනද
ඉඳිමි හිඳගෙන
සොහොන ලඟ
ඇය නිදන නිහඬව
බලා ඉන්නෙමි
නපුරු හීනෙන්
අවදි වේ මා
කියා දැන් දැන්
Sunday, February 10, 2013
Wednesday, January 23, 2013
අහිමිද ඇය..
නිමිත්ත-නායකත්ව පුහුණුවට සහභාගී වූවෙකුට වූ දෙයක් ;)
මුල්ම වරට නුඹ හිනැහුනු අන්දා
මුවග අහිංසක මදහස රන්දා
හෙලපු බැල්ම හිත සැනසුව හන්දා
මැවුනු සිතුම් සැනෙකින් සිත් බැන්දා
පෙර විඳ නැති මේ සිතිවිලි උස්සා
නුඹෙ තතු දැන ගන්නට හිත රුස්සා
කැරකුනු මුත් තිස්සෙම මේ පිස්සා
නුඹ ලඟ සිටි විට හිත පසු බැස්සා
අරුමෙකි මට නම් සිදු වී ඇත්තේ
නොදනිමි ඇගෙ නම,ගම කොයි පැත්තේ
තතු විමසන්නට කෙනෙකුගෙ මත්තේ
මින් පෙර මෙලෙසට නැත තැති ගත්තේ
පිපි අදහස් හිර වී හිත අස්සේ
දින අවසන් විය ගෙවුනු බූස්සේ
නුඹට හොරා මා එක් කළ රහසේ
මතකය පමණක් වැලපේ මනසේ
Thursday, November 22, 2012
සදහටම අහිමි තැන
පැරදුනු රෝමියෝ
එපා එපා තව
කියා කියූ හිත
යලිත් නැවතුනා
සොඳුරු වතක් ළඟ..
මවා මවා ඇය
සිනාසුණා හිත
ඇගේ සිනා මුව
දිවා රැයේ දැක..
පුරා පුරා පෙම්
මත් වී ඇයගෙන්
කලක් ගෙවූවත්
තවත් හීනයක..
ඇයත් ගිහින් අද
කමක් නෑ ඒකට
ඊළඟ කෑල්ල
තවත් රසවත්..
Subscribe to:
Posts (Atom)


