Wednesday, January 23, 2013

අහිමිද ඇය..

නිමිත්ත-නායකත්ව පුහුණුවට සහභාගී වූවෙකුට වූ දෙයක් ;)

මුල්ම වරට නුඹ හිනැහුනු අන්දා
මුවග අහිංසක මදහස රන්දා
හෙලපු බැල්ම හිත සැනසුව හන්දා
මැවුනු සිතුම් සැනෙකින් සිත් බැන්දා

පෙර විඳ නැති මේ සිතිවිලි උස්සා
නුඹෙ තතු දැන ගන්නට හිත රුස්සා
කැරකුනු මුත් තිස්සෙම මේ පිස්සා
නුඹ ලඟ සිටි විට හිත පසු බැස්සා

අරුමෙකි මට නම් සිදු වී ඇත්තේ
නොදනිමි ඇගෙ නම,ගම කොයි පැත්තේ
තතු විමසන්නට කෙනෙකුගෙ මත්තේ
මින් පෙර මෙලෙසට නැත තැති ගත්තේ

පිපි අදහස් හිර වී හිත අස්සේ
දින අවසන් විය ගෙවුනු බූස්සේ
නුඹට හොරා මා එක් කළ රහසේ
මතකය පමණක් වැලපේ මනසේ



22 comments:

  1. හි හි ..අපි දන්නෙත් නෑ .උඹ හීනියට වෙන වැඩකුත් කරලා නේ ... :D හරිම ලස්සන කවි ටික ...
    අපිත් එක්ක හිටිය තව එකෙක් මට මෙහෙම කිව්වා .
    .
    දැකපු දවසේ ගුඩ් මෝර්නින් කිව්වා
    සතියක් නම ගම විස්තර හෙව්වා
    ෆෝන් නම්බරේ කොලයක ලිව්වා
    දෙන්න කලින් අපි ගෙදරට එව්වා..
    .
    දැන් ඉතින් ආය කවද දකින්නද ..:)))

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ (y)
      ඒකනෙ කියන්නේ..මෙහෙමයි මචන්,කලින් දැකල තිබුනට 10 වෙනිද තමයි හිනා උනේ,එවෙලෙ තමා අදහස ආවෙ;)ඉතින් මුකුත්ම හොයාගන්න වෙලාව මදි උනා:(

      ඒ කවිය නම් නියමයි ආහ් :D :D short & sweet (y)

      මාත් මේ කල්පනා කර කර ඉන්නෙ කවද දකින්නද කියල ආයෙ ;(

      Delete
  2. අහෝ....බූස්ස කදවුර,ඔබට මෙසේ ලියමි.....!!!

    පෙම් සිත් පුබුදුවා
    සිතුවිලි අතර රදවා
    නිහඩව ඔබ සැගවුණු අයුරු
    පුදුමෙකි තවම ඔවුනට.......

    මතකයන් දහසක් අතර
    ඔබ ඔවුන් තනිකර
    කෙසේ අද ඉන්නේද හිනැහී
    වෙන අය එක්ක සතුටින්.......

    දෙදෙනෙකු මුවගට ඔබ මුණගස්වා
    මතකය පමණක් උන් හද තුළ සගවා
    නොයන් මතකෙන් කිසිදා ඔවුන් රිදවා
    බූස්ස...ඔබයි මෙයට වග කිවයුත්තා ......!!!!!


    මෙම සිදුවීමට මුහුණ පෑ සොහොයුරාට මම මෙසේ පතමි.....!!! :)

    පහළ වූ සිතිවිලි මැකී නොයන්නට
    මතකය පමණක් ඉතිරි නොවන්නට
    පතන්නම් හදවතින් මා සොයුරාට
    ඔබේ පැතුම එලෙසින් ඉටුවන්නට......!!!!

    ReplyDelete
    Replies
    1. කමෝන් ශානිකා..... නියමයි ආ... :D

      Delete
    2. ඒක නම් ඇත්ත ආ
      බූස්ස...ඔබයි මෙයට වග කිවයුත්තා ......!!!!! :D

      මේකෙන් උපුටාගෙන හිතට වැදුන කියල පෙන්නන්න කෑල්ලක් නෑ,ඔක්කොම ටික දැනෙන්න ලියල තියෙනව ආ..මාරම් ලස්සනට කෑම්ප් එක පිට වරද පටවල තියෙනව :D

      මෙම සිදුවීමට මුහුණ පෑ සොහොයුරාට මං කියන්නම් ඔයාගෙ ප්‍රර්ථනාව ;)

      Delete
  3. හෑ.....ඉසුරුටත් හරි වගේ එහෙනම්... කැම්පස් එකේදි හම්බෙයි එයාව. හම්බුන ගමන් ඒ ගැනත් පෝස්ටුවක් ඕනා...

    ReplyDelete
    Replies
    1. සාජානි,දැන් ඔය හිතන් ඉන්නෙ මේ නායකත්ව පුහුණුවට සහභාගී වූවා මං කියලද ;)
      ම්ම්...කැම්පස් එකේදි නේද,හා බලමුකො ;) :D

      Delete
  4. නොසිතුව
    නොපැතු
    මොහොතක..

    ගැටෙන
    අසනියක්
    තරම් ඇස් මත..

    මිහිරි නැත
    .
    .
    .
    සැබෑ ආදරයද..!

    ReplyDelete
    Replies
    1. අසුරු සැනකදී හැඟුමක් දළු ලත්
      රැක,ලැබ දී දිය,හිරු,සරු පොහොරත්
      සැබෑ ප්‍රේමයේ වෘක්ෂය හැදුමත්
      මිහිරකි එහි සෙවනින් සිත නිවුමත්

      ගොඩක් ස්තූතියි ඒ ලස්සන අදහසට,මන් සෑහෙන්න හිතුව :D

      Delete
  5. බොහොම ස්තූතියි අගය කිරීමට වගේම මේ පැත්තෙ ආවටත් :)

    ReplyDelete
  6. හෙහ් ඔන්න අදමද කොහෙද ආවෙ කලාබරේ කොටන්න...ජය වේ! දිගටම ලියන්න...
    CSK LANKA

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි සන්තෝසයි..බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට.. :D
      අනිවා..ආයි ඉතින් පණ තියෙනකන්ම ලියන්ඩයි කල්පනාව (y)

      Delete
  7. මමත් බුස්සෙ නම් තමයි ඉන්නේ.මොනවා උනත් රසබරයි.
    මමත් පාඨමාලා තුනම ඉවර උනාම අත්දැකිම් සටහනක් විදියට දමන්නම්
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි..ආ අපි නම් හිටියෙ අල්ලපු වත්තෙද දන්නෙ නෑ..ඔන්න එහෙනම් බලන් ඉන්නව හොඳද :)
      ඕනිම හැඟීමක් කල් යද්දි හරි රස විඳින්න පුලුවන්නේ :D

      Delete
  8. හෆොයි මින් ජුන් හෝ දාල තිබුණ කොමෙන්ට් එක ස්පෑම් වෙලා නොවැ.දැනුයි දැක්කේ.හි..හි..මිනිහා චංගුමීට එහෙම කියන හැටි මට මැවිලා පෙනුන,මොකාද වගේ හිනා වෙවි..P තැන්කූ අෆ්ෆා. කවිය නියමයි.

    ReplyDelete
    Replies
    1. හොහ් හොහ්..තැන්ක් යූ :D

      Delete
  9. යාලු මටත් උනේ ඔය වැඩේමයි......නම දන්න නිසා දුක වැඩිද මන්ද......

    ReplyDelete
    Replies
    1. මක් කොරන්ඩද ඉතින් සහෝදරයා..හැමදේම හොඳටයි කියල හිත හදා ගමු :D
      ස්තූතියි මේ පැත්තෙ ආවට :)

      Delete
  10. අදමයි ඕං ආවෙ….
    නැහැයි කියල හිතුවට බූස්සෙත් හරි හරි වැඩ වෙලා තියනව එහෙනම්….. :)



    ReplyDelete
    Replies
    1. හරි හරි වැඩ උනාට හරි ගියෙ නැති එක තමයි පුරස්නෙ :D
      මේ පැත්තෙ කියල අදහස් කොලේ මේ පොස්ට් එක වෙන්ටෑ..සමාන්තර රේඛාවෙ හෙම ලස්සන කොමෙන්ටු වැටුන නොවැ :) (y)

      Delete
  11. දා හත් දවස නම් කම්මැලි උනා නොවේ
    හරි හරි ජාති එහි සිදු නොම උනා නොවේ
    කොලු කෙලි කවට කම් එහි නැති උනා නොවේ
    ඔව්වා දකුණෙ පමණක් සිදු උනා නොවේ ;)

    ReplyDelete
  12. හොහ් හොහ් :D
    මරු මරු..කොහොමත් අපිට වඩා නම් අනිත් හැමතැනම ඕවා වෙලා තියෙලු..අපි කෑම්ප් එකේ හිටියෙ මොන්ටිසෝරියෙ වගේ,අපිව නරක් වෙයි කියල ගෑනු ළමයින්ගෙන් පරිස්සන් කරන්න කියල ප්ලැටූන් හැදුවෙ වෙන වෙනම :p

    ReplyDelete