Sunday, February 10, 2013

නපුරු හීනයක්ද...

සොඳුරු සොයුරිය
ළබැඳි යෙහෙලිය
නුඹම විය
දිවි ගමන මැද ලද

පෙර පැතූ ලෙස
මිතු දමින් බැඳ
එක සිතින් විඳ
දුකද සතුටද

බොලඳ පෙම් බස්
කෙලි කවටකම්
සෙනෙහෙ රැඳි
ඒ සොඳුරු දඟ කම්

නෙතට සවනට
මැවේ යලි යලි
සිනහ නංවා
කඳුලු අතරින්

අඳුරු වැටුනද
ඉඳිමි හිඳගෙන
සොහොන ලඟ
ඇය නිදන නිහඬව

බලා ඉන්නෙමි
නපුරු හීනෙන්
අවදි වේ මා
කියා දැන් දැන්


12 comments:

  1. අන්ධකාරය අතර ඉදි කළ
    මතකයේ ගිනි ගැනුනු සොහොනත
    තනි රකින ඇස්වලින් ගිලිහෙන
    කදුළු දැකුමට කැමති වෙද ඇය

    සෙනෙහසින් සිත නිවාලූ අය
    මිය ගියත් මිය නොයති කිසි විට
    ඉතින් ඈ මිය යාද කෙලෙසින්
    නැගිටින්න නුඹ සිහින අත හැර!

    "අපට නැති වන හිත මිතුරන් නිදන්නේ පොළෝපතුලේ නොවේ,අපේ හදපතුළේය."
    -අලෙක්සැන්ඩර් ඩූමා,මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා-

    ReplyDelete
    Replies
    1. මගේ එක කඳුලකට
      මතකයි ඈ නෙතින්
      ගැලූ හැටි කඳුලු ගංගා
      එහෙව් ඇය තවම නෑ
      පිසින්නට මේ කඳුලු දියවර
      ගලන්නට ඉඩ හැර
      කොහේ සැඟවුනිද නුඹ
      අනේ සපැමින
      ඇහරවනු මැන
      තවත් ඉවසනු බෑ
      මේ නපුරු හීනය

      Delete
  2. සෑහෙන්ට දරුණු හීනයක් නොවැ බන් ...:)))ඕක බල බලා ඉන්නේ නැතුව ඇහරින එක ඇඟට ගුණයි...ලස්සන නිර්මාණයක් මචං (Y)

    ReplyDelete
  3. හැබෑ ලෝකෙන් ඇහැරෙන්න බැරි එකනෙ වැඩේ..ස්තූතියි සහෝ :)
    සමාවෙන්න ඔනි,කියෙව්වට පසෙසෙ මාතෘකාවෙ අගට තව අකුරු 2ක් එකතු කලාට:)

    ReplyDelete
  4. හැම දිනම හිදගෙන
    සොහොන ලඟ තනිව
    වැලපෙන ඔය දෑස
    අතැර යන්නට නොහැකිව
    සැරිසරයි නුඹ ලඟම
    නොපෙනෙන නමුත් දෑසට
    එහෙයින් සොයුර ඔබ ගැන
    බැදීම් තවත් ඇති නොකර
    යන්ට ඉඩ දෙමු නේද
    ඇය හට..........මතු
    හොද භවයකට පින් කර....!!!

    මම කිව්වේ මරුණ අය භූතයෝ වෙලා එනවා කියලා එහෙම නෙවෙයි ඔන්න........ :)අපි මැරුණ කෙනා ගැන හිත හිත හැමදාම දුක් වෙනකොට ඒ කෙනාටත් හොද භවයකට යන්න බැහැ කියලා මම අහලා තියෙනවා....ඒක ගැනයි මම කිව්වේ..... :):)

    හරිම ලස්සන නිර්මාණයක් ඉසුරු...හැබැයි ගොඩාක් දුක හිතුණා කියවනකොට....අපිට දැනෙන ඒ හැඟීම තමයි ඔයාගේ නිර්මාණයේ සාර්ථකත්වය....හැබැයි කාටවත් මේවගේ දෙයක් නම් වෙන්න එපා....!!!

    ReplyDelete
    Replies
    1. තනියම ගිය ගමන
      තනියම ගියේ කිමද
      තනිකර මගේ හිතට
      තනිකම ම ඉතිරි කොට

      හොඳා හොඳා..මාත් අහල තියෙයි :)
      බොහොම ස්තුතියි ශානිකා..අපෙත් පැතුම ඒකම තමයි (y)

      Delete
  5. ලස්සන නිර්මාණයක් ...හිතට ගොඩක් දැනුණා

    ReplyDelete
  6. ගතින් හැර ගියද
    ආදරේ කෙරුව අය
    කෙසේ මිය යයිද
    නො මැකෙනා මතකයම

    ReplyDelete
    Replies
    1. සදා කල් සිතැ'බැදී
      සිත පෙලයි රැඳි රැඳී

      බොහොම ස්තුතී මෙ පැත්තෙ ආවට :)

      Delete
  7. ලොවෙත් ඈ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. එසේම වේවා :D

      Delete