තතක් පිරිමැද
මවන'යුරු නුඹ
හිතක් සනසන
ස්වරය නලවා..
තෙරක් නොදැනුන
සිතුම් සයුරක
ඇසක් නොසලා
බලා හිඳි මා..
ඉමක් නොපෙනෙන
පැතුම් අහුරක
හෙටක් සොයමින්
පෙරුම් පුරනා..
ඉඩක් නැතිවෙද
නුඹේ හද තුල
දුකක් හිත යට
අනිනු දැනුනා..
Tuesday, December 24, 2013
Friday, July 19, 2013
Saturday, April 20, 2013
සරසවිය අභියස...
සිර කල ඉකිය මට නොහැඟෙන ලෙස සඟවා
සෙනෙහස කැවූ දෑතම හිස මත රඳවා
ආසිරි පතා කඳුලැලි නෙතු යට පුරවා
අම්මා ගියා මා සරසවියට බඳවා
Sunday, February 10, 2013
නපුරු හීනයක්ද...
සොඳුරු සොයුරිය
ළබැඳි යෙහෙලිය
නුඹම විය
දිවි ගමන මැද ලද
පෙර පැතූ ලෙස
මිතු දමින් බැඳ
එක සිතින් විඳ
දුකද සතුටද
බොලඳ පෙම් බස්
කෙලි කවටකම්
සෙනෙහෙ රැඳි
ඒ සොඳුරු දඟ කම්
නෙතට සවනට
මැවේ යලි යලි
සිනහ නංවා
කඳුලු අතරින්
අඳුරු වැටුනද
ඉඳිමි හිඳගෙන
සොහොන ලඟ
ඇය නිදන නිහඬව
බලා ඉන්නෙමි
නපුරු හීනෙන්
අවදි වේ මා
කියා දැන් දැන්
ළබැඳි යෙහෙලිය
නුඹම විය
දිවි ගමන මැද ලද
පෙර පැතූ ලෙස
මිතු දමින් බැඳ
එක සිතින් විඳ
දුකද සතුටද
බොලඳ පෙම් බස්
කෙලි කවටකම්
සෙනෙහෙ රැඳි
ඒ සොඳුරු දඟ කම්
නෙතට සවනට
මැවේ යලි යලි
සිනහ නංවා
කඳුලු අතරින්
අඳුරු වැටුනද
ඉඳිමි හිඳගෙන
සොහොන ලඟ
ඇය නිදන නිහඬව
බලා ඉන්නෙමි
නපුරු හීනෙන්
අවදි වේ මා
කියා දැන් දැන්
Subscribe to:
Posts (Atom)


