Saturday, April 20, 2013

සරසවිය අභියස...


සිර කල ඉකිය මට නොහැඟෙන ලෙස සඟවා
සෙනෙහස   කැවූ  දෑතම  හිස  මත       රඳවා
ආසිරි   පතා   කඳුලැලි   නෙතු  යට      පුරවා
අම්මා   ගියා   මා   සරසවියට              බඳවා




9 comments:

  1. ගුලි කරන් හිත තුළම ඒ කදුල ඇය දැරූ
    තුන් වසක් ගත උනද මැකී නැති සසල රූ
    අද දිනත් නෙත ලගම රැදී මා දිරි කෙරූ
    තව වසක් දුන මැනව සිහිනයට ඔබ පිරූ

    ReplyDelete
    Replies
    1. දැනුන හොඳේ :)

      ඒක නෙමෙයි,3 වැනි වසරෙ වගේ ඈ.. ;)

      Delete
    2. 3 ඉවරයි බං. දැන් 4 ඉන්නේ

      Delete
  2. වචනයෙන් කිව නොහැකි දුක
    හිතටම තුරුළු කරන්
    සරසවි බිමෙන්
    නික්මිණි
    ඇය........ :(

    ඔයාට වගේම මටත් මේ අත්දැකීම හෙට විදින්න වෙයි ඉසුරු...!!!පද 4ක් වුනාට ඇස් දෙකට කදුළුත් ආවා මගේ.ඒ තරම් පද ටික හැගීම්බරයි,අපූරුයි........හ්..ම්ම්ම්ම්ම්....!!! :( :(

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී :)
      ඒ උනාට වැඩිය හිතන්න එපා..පස්සෙ ඕවා හරි යනව,හරිය? :D

      Delete
  3. සරසවි දොරටුව දකින පින් අහිමි ව
    වැළපෙනා දාහක් දනන් මැද..
    යාන්තම්වත් සිනාසෙනු මැන
    මේ දුක් සතුටකට හරවාගෙන!!!

    ජය වේවා!කොහෙද සරසවිය?

    ReplyDelete
  4. අනිවා..තැන්ක් යූ :D
    පේරාදෙණියෙ :)

    ReplyDelete
    Replies
    1. අඩ්ඩඩ්ඩා.. මගෙත් ඩ්‍රීම් යුනිවර්සිටිය නොවැ... හොදයි හොදයි ළගදීම හන්තාන වන්දනා කරන්න අවස්ථාව උදා වේවා,තනියම නොවෙයි හැබැයි!

      Delete
  5. කවිය හරිම ලස්සනයි අක්කි. පුලුවන් නම් මගේ බ්ලොග් ලිපිත් කියවලා කමෙන්ට් කරන්නකෝ.

    ReplyDelete