Friday, July 19, 2013

(හිත) පිදුම...

  • පියෙකු සේ ස්නේහයෙන්
    තුරුළු කර ආදරෙන්
    ඉඩ දෙන්න නුඹ රැක ගන්න මට
    සනසා සිත නිවා..


    මවක ලඟ ආදරෙන්
    දැවටෙනා දරුවකු ලෙසින්
    ඉඩ දෙන්න හිත ලඟ ඉන්න මට
    දැවටී හිත වටා..



    ජීවිතේ මාවතේ
    පිය මනින්නට ඉතින්
    ඉඩ දෙන්න නුඹ ලඟ ඉන්න මට
    හැමදා හිත පුරා..



5 comments:

  1. හිත පුදා සෙනෙහසින්
    නෙතු පියන් යට සෙමෙන්
    කියවෙන්න,
    සොදුරු කවියක් ලෙසින්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි/ලස්සනයි :D ..වැඩ වැඩි නිසා එන්න බැරි උනානෙ මේ පැත්තෙ :(

      Delete
  2. ලස්සන අදහසක්........

    ReplyDelete