සිතට සිසිලක් ඉසින
හදට සුවයක් සදන
නෙත සොයන,සිත සොයන
රුව නුඹේ,රුව නුඹේ...
සිහි නැගෙන ඇසිල්ලෙන්
ස්නේහයෙන් මත් කරන
සදහටම සිතේ ඇඳි
නෙතු නුඹේ,වත නුඹේ...
විටෙක සිත සසල කර
අහිමි වේ දැයි කියන
බියෙන් මා සිත පෙලුව
නුඹ මගේ,නුඹ මගේ...
නුඹ ලියන ගීතයක
ReplyDeleteතනුව කවුරුන් වෙතත්
ඒ ගීය තෙපළනා
හඬ මගේ හඬ මගේ
කවක් වී හිත අස්සෙ
පද පේළි හංගගෙන
එළි නොකර උන්නාට
මම නුඹේ මම නුඹේ..))
කවක් වී හිත අස්සෙ
Deleteපද පේළි හංගගෙන
එළි නොකර උන්නාට
මම නුඹේ මම නුඹේ (y) මරු :D
කදිම කවියක්.
ReplyDeleteබොහොම ස්තූතියි,මේ පැත්තෙ ආවටත් :)
Delete