Saturday, January 25, 2014

නුඹ මගේ... ♥

සිතට සිසිලක් ඉසින
හදට සුවයක් සදන
නෙත සොයන,සිත සොයන
රුව නුඹේ,රුව නුඹේ...

සිහි නැගෙන ඇසිල්ලෙන්
ස්නේහයෙන් මත් කරන
සදහටම සිතේ ඇඳි
නෙතු නුඹේ,වත නුඹේ...

විටෙක සිත සසල කර
අහිමි වේ දැයි කියන
බියෙන් මා සිත පෙලුව
නුඹ මගේ,නුඹ මගේ...





4 comments:

  1. නුඹ ලියන ගීතයක
    තනුව කවුරුන් වෙතත්
    ඒ ගීය තෙපළනා
    හඬ මගේ හඬ මගේ

    කවක් වී හිත අස්සෙ
    පද පේළි හංගගෙන
    එළි නොකර උන්නාට
    මම නුඹේ මම නුඹේ..))

    ReplyDelete
    Replies
    1. කවක් වී හිත අස්සෙ
      පද පේළි හංගගෙන
      එළි නොකර උන්නාට
      මම නුඹේ මම නුඹේ (y) මරු :D

      Delete
  2. Replies
    1. බොහොම ස්තූතියි,මේ පැත්තෙ ආවටත් :)

      Delete