♣ ♣ කලාබර♣ ♣
නෙත් මානයෙන් හිත් මානයට...
Saturday, March 1, 2014
අත් හැරීම
නැත නැත තරහ නැත කිසි දින නුඹට බැඳී
සිත සිත කලක් නුඹ වෙනුවෙන් සෙනෙහෙ පිදී
පත පත නුඹව නැති පෙරුමන් පිරුව විදී
අත හැර පතමි ජය නුඹ හට ඔහුට ලැදී
Monday, January 27, 2014
සීතලයි උඳුවප්...
රිදෙනවා තමයි මට
නුඹ හිතට එන හැම වාරෙම
මගේ හිත තාමත්
පෑගෙනව නුඹේ මතකයට...
උඳුවප් සීතලට
නුඹෙ උණුසුමේ ගුලි වෙන්න
ඇඟිලි ගැන ගැන හිටිය මට
දැනෙනවා වගෙ දැනුත්
නුඹේ ඒ සමුගැන්ම..
ගොලු වුනේ මගෙ මුවයි
තනි වුනේ මගෙ හිතයි
නුඹට නැහැ කිසි ගානක්
එපා බොරු දුක් රැඟුම්...
උඳුවප් මහේ සීතලට
ගුලි වෙච්ච මගෙ හිතට
තවම නෑ උණුසුමක්
කොහෙද මේ වසන්තය
ආවෙ නෑ තාමත්,
නාවත් කමක් නෑ
සුපුරුදුයි දැන් සීතල...
http://kalusudu-nimthera.blogspot.com/2013/12/blog-post.html
මේ post එක නිසා ලියැවුනු අතර මාතෘකාව සොරකම් කිරීම පිලිබඳ කනගාටුව ප්‍රකාශ කරමි! :)
Saturday, January 25, 2014
නුඹ මගේ... ♥
සිතට සිසිලක් ඉසින
හදට සුවයක් සදන
නෙත සොයන,සිත සොයන
රුව නුඹේ,රුව නුඹේ...
සිහි නැගෙන ඇසිල්ලෙන්
ස්නේහයෙන් මත් කරන
සදහටම සිතේ ඇඳි
නෙතු නුඹේ,වත නුඹේ...
විටෙක සිත සසල කර
අහිමි වේ දැයි කියන
බියෙන් මා සිත පෙලුව
නුඹ මගේ,නුඹ මගේ...
Tuesday, December 24, 2013
සිතිවිලි...
තතක් පිරිමැද
මවන'යුරු නුඹ
හිතක් සනසන
ස්වරය නලවා..
තෙරක් නොදැනුන
සිතුම් සයුරක
ඇසක් නොසලා
බලා හිඳි මා..
ඉමක් නොපෙනෙන
පැතුම් අහුරක
හෙටක් සොයමින්
පෙරුම් පුරනා..
ඉඩක් නැතිවෙද
නුඹේ හද තුල
දුකක් හිත යට
අනිනු දැනුනා..
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)