නුඹ හිතට එන හැම වාරෙම
මගේ හිත තාමත්
පෑගෙනව නුඹේ මතකයට...
උඳුවප් සීතලට
නුඹෙ උණුසුමේ ගුලි වෙන්න
ඇඟිලි ගැන ගැන හිටිය මට
දැනෙනවා වගෙ දැනුත්
නුඹේ ඒ සමුගැන්ම..
ගොලු වුනේ මගෙ මුවයිතනි වුනේ මගෙ හිතයි
නුඹට නැහැ කිසි ගානක්
එපා බොරු දුක් රැඟුම්...
උඳුවප් මහේ සීතලට
ගුලි වෙච්ච මගෙ හිතට
තවම නෑ උණුසුමක්
කොහෙද මේ වසන්තය
ආවෙ නෑ තාමත්,
නාවත් කමක් නෑ
සුපුරුදුයි දැන් සීතල...
http://kalusudu-nimthera.blogspot.com/2013/12/blog-post.html
මේ post එක නිසා ලියැවුනු අතර මාතෘකාව සොරකම් කිරීම පිලිබඳ කනගාටුව ප්රකාශ කරමි! :)
