කෙදිනක හෝ මෙලොවින් නික්ම යන දිනක
පසුවදනක් ලියන්නට කල් පැමිනි කල්හි
ප්‍රමාද වීමේ අවදානම මග හැර ගනු වස්
පෙරවදනකට පෙර ලියැවෙන පසුවදන..
දිවි මගෙහි මෙතෙක් දුර
එක් නිමේෂයක් හෝ
මා හා පියමැන්න
ළ'බැඳි මිනිසුනි,
මා නුඹෙන් ලද පැසසුම්
ඔවදන් සේම ගැරහුම්
මග කියා දුනි එන්න
මේ ගමන මේ ලෙසින්..
නුඹ කෙරෙහි හදේ රැඳි
ස්නේහය මෙලෙසින්
කිව නොහැක කෙදිනවත්
වචනෙකින් දෙකකින්
සිත රිදුම් දෙන දෙයක්
වියේ නම් මා අතින්
කමා අයදිමි දුකින්
නැවත නොරිදමි ඉතින්..
අවසරයි සමුගන්න
ඔන්න මාව ඇඩෙවුවා මේ වචන ටික නම්..
ReplyDeleteඑච්චරටම දැනුනද :o
Deleteතමන් සිතටත් වඩා වැඩියෙන්
ReplyDeleteඅනුන් ගැන සිතනා සිතකින්
කෙසේ නම් රිදුම් ගන්නද
ලොව අනික් වුන්?
නොපවසා "යළිත් නොදකින ලෙසින්"
බදිමු අපි පද "මතු යළි හමුවන අටින්" ලෙසට..
එය එසේ වී නම්
Deleteනික්ම යමි සැනසුම් සිතින්
අවසරයි සමු ගන්න
"මතුත් යළි හමුවන අටින්"
ඔන්න කිව්ව එහෙනම් :D
ගොඩක් ස්තූතියි සාජානි ඔයාගෙ අදහසට :)