සුසර වීම හා අනුනාද වීම (හෙවත් හැඩගැසීම හා සංවේදී වීම )
අනුකම්පා සිතින්
තැත් කළෙමි මදක්
නමුත්
සුසර කල නොහැක
මගේ හදවත
නුඹේ හදවතේ සංඛයාතයට
වෑයම තද කළහොත්
බිඳී යනු ඇත මා සිත
සුසර වූවද කොහොමින්
භේදක ලක්ෂයට පෙර
දිවි ගෙවනු කෙලෙස
එවන් ආතතියකින්
ආයාසයකින්
එහෙයින් සබඳ
සමුදෙන්න මට
අනුනාද නොවේ මසිත
නුඹේ ප්‍රේමයට..
සබද කිව මැන.....
ReplyDeleteඅනුනාද නොවුනු නුබේ සිත වෙනුවෙන්
කිමද කදුලක් සැලුනේ මා නෙතගින්.......!!!!!
නුඹේ කඳුලැල් නොතකන මා හින්දා
Deleteඑසේ වන්නේ නුඹේම අපලෙද මන්දා ;)
(ස්තූතියි අදහසට :) )
ඝන වූ ඇගේ තත් සොලවන්න කලින් තවත් වරක් උත්සාහ කරන්න. ඔබේ තත් තාමත් සුසර කල හැකි බැවින් ;)
ReplyDeleteඇයව සුසර කිරීමට උවමනා නැත
ReplyDeleteඇයට අනුනාද වන කෙනෙක් උවමනා කොට ඇත ;)
(බොහොම ස්තූතී අදහසට :) )
අනුනාද වන්නේ කෙනා නෙවෙයි. සංඛ්‍යාතය. ;)
ReplyDeleteඅනේ අප්පේ මට නම් තේරෙන් නෑ ටිමල්ගෙයි ඉසුරුගෙයි සංවාදෙ..
ReplyDeleteලස්සනයි පෝස්ටුව වචනවලින් කියන්න බැරි තරමටම..
අඃ.... සජානි. මේකනෙ වැඩේ. උසස් පෙළ කොයි තරම් රසවත් ද කියනව නම් ඒව අපේ ප්‍රායෝගික ජීවිතේට, අපේ සිතුම් පැතුම්වලට බද්ධ වෙලා. :)
ReplyDeleteඔන්න මං ඔයා වෙනුවෙන් ඒ සංවාදෙ සරළ බසට පෙරලනව. මේව ඉතින් බ්ලොග් එකේ අයිතිකාරය අතින් වෙන්න ඕනි යුතුකම් :/ ;)
1.වෙනස් කළ නොහැකි ඇයව වෙනස් කරන්න හදන්න කලින් තාමත් වෙනස් වෙන්න පුළුවන් ඔයා වෙනස් වෙන්න බලන්න
2.කැමත්තට බලපාන්නෙ කෙනා නෙවෙයි, කෙනාගෙ සිතුම් පැතුම්
:) :) :)
මිතුරාගෙ යුතුකම්ද ඉටු කරන මිතුරෙකු ලැබීම පිළිබඳ මාගේ බලවත් සන්තෝසය :D
ReplyDelete