සොඳුරු සොයුරිය
ළබැඳි යෙහෙලිය
නුඹම විය
දිවි ගමන මැද ලද
පෙර පැතූ ලෙස
මිතු දමින් බැඳ
එක සිතින් විඳ
දුකද සතුටද
බොලඳ පෙම් බස්
කෙලි කවටකම්
සෙනෙහෙ රැඳි
ඒ සොඳුරු දඟ කම්
නෙතට සවනට
මැවේ යලි යලි
සිනහ නංවා
කඳුලු අතරින්
අඳුරු වැටුනද
ඉඳිමි හිඳගෙන
සොහොන ලඟ
ඇය නිදන නිහඬව
බලා ඉන්නෙමි
නපුරු හීනෙන්
අවදි වේ මා
කියා දැන් දැන්
අන්ධකාරය අතර ඉදි කළ
ReplyDeleteමතකයේ ගිනි ගැනුනු සොහොනත
තනි රකින ඇස්වලින් ගිලිහෙන
කදුළු දැකුමට කැමති වෙද ඇය
සෙනෙහසින් සිත නිවාලූ අය
මිය ගියත් මිය නොයති කිසි විට
ඉතින් ඈ මිය යාද කෙලෙසින්
නැගිටින්න නුඹ සිහින අත හැර!
"අපට නැති වන හිත මිතුරන් නිදන්නේ පොළෝපතුලේ නොවේ,අපේ හදපතුළේය."
-අලෙක්සැන්ඩර් ඩූමා,මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා-
මගේ එක කඳුලකට
Deleteමතකයි ඈ නෙතින්
ගැලූ හැටි කඳුලු ගංගා
එහෙව් ඇය තවම නෑ
පිසින්නට මේ කඳුලු දියවර
ගලන්නට ඉඩ හැර
කොහේ සැඟවුනිද නුඹ
අනේ සපැමින
ඇහරවනු මැන
තවත් ඉවසනු බෑ
මේ නපුරු හීනය
සෑහෙන්ට දරුණු හීනයක් නොවැ බන් ...:)))ඕක බල බලා ඉන්නේ නැතුව ඇහරින එක ඇඟට ගුණයි...ලස්සන නිර්මාණයක් මචං (Y)
ReplyDeleteහැබෑ ලෝකෙන් ඇහැරෙන්න බැරි එකනෙ වැඩේ..ස්තූතියි සහෝ :)
ReplyDeleteසමාවෙන්න ඔනි,කියෙව්වට පසෙසෙ මාතෘකාවෙ අගට තව අකුරු 2ක් එකතු කලාට:)
හැම දිනම හිදගෙන
ReplyDeleteසොහොන ලඟ තනිව
වැලපෙන ඔය දෑස
අතැර යන්නට නොහැකිව
සැරිසරයි නුඹ ලඟම
නොපෙනෙන නමුත් දෑසට
එහෙයින් සොයුර ඔබ ගැන
බැදීම් තවත් ඇති නොකර
යන්ට ඉඩ දෙමු නේද
ඇය හට..........මතු
හොද භවයකට පින් කර....!!!
මම කිව්වේ මරුණ අය භූතයෝ වෙලා එනවා කියලා එහෙම නෙවෙයි ඔන්න........ :)අපි මැරුණ කෙනා ගැන හිත හිත හැමදාම දුක් වෙනකොට ඒ කෙනාටත් හොද භවයකට යන්න බැහැ කියලා මම අහලා තියෙනවා....ඒක ගැනයි මම කිව්වේ..... :):)
හරිම ලස්සන නිර්මාණයක් ඉසුරු...හැබැයි ගොඩාක් දුක හිතුණා කියවනකොට....අපිට දැනෙන ඒ හැඟීම තමයි ඔයාගේ නිර්මාණයේ සාර්ථකත්වය....හැබැයි කාටවත් මේවගේ දෙයක් නම් වෙන්න එපා....!!!
තනියම ගිය ගමන
Deleteතනියම ගියේ කිමද
තනිකර මගේ හිතට
තනිකම ම ඉතිරි කොට
හොඳා හොඳා..මාත් අහල තියෙයි :)
බොහොම ස්තුතියි ශානිකා..අපෙත් පැතුම ඒකම තමයි (y)
ලස්සන නිර්මාණයක් ...හිතට ගොඩක් දැනුණා
ReplyDeleteබොහොම ස්තුතියී :)
Deleteගතින් හැර ගියද
ReplyDeleteආදරේ කෙරුව අය
කෙසේ මිය යයිද
නො මැකෙනා මතකයම
සදා කල් සිතැ'බැදී
Deleteසිත පෙලයි රැඳි රැඳී
බොහොම ස්තුතී මෙ පැත්තෙ ආවට :)
ලොවෙත් ඈ..
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හෙහ් හෙහ්.. එසේම වේවා :D
Delete