Tuesday, December 24, 2013

සිතිවිලි...

තතක් පිරිමැද
මවන'යුරු නුඹ
හිතක් සනසන
ස්වරය නලවා..

තෙරක් නොදැනුන
සිතුම් සයුරක
ඇසක් නොසලා
බලා හිඳි මා..

ඉමක් නොපෙනෙන
පැතුම් අහුරක
හෙටක් සොයමින්
පෙරුම් පුරනා..

ඉඩක් නැතිවෙද
නුඹේ හද තුල
දුකක් හිත යට
අනිනු දැනුනා..