Sunday, February 10, 2013

නපුරු හීනයක්ද...

සොඳුරු සොයුරිය
ළබැඳි යෙහෙලිය
නුඹම විය
දිවි ගමන මැද ලද

පෙර පැතූ ලෙස
මිතු දමින් බැඳ
එක සිතින් විඳ
දුකද සතුටද

බොලඳ පෙම් බස්
කෙලි කවටකම්
සෙනෙහෙ රැඳි
ඒ සොඳුරු දඟ කම්

නෙතට සවනට
මැවේ යලි යලි
සිනහ නංවා
කඳුලු අතරින්

අඳුරු වැටුනද
ඉඳිමි හිඳගෙන
සොහොන ලඟ
ඇය නිදන නිහඬව

බලා ඉන්නෙමි
නපුරු හීනෙන්
අවදි වේ මා
කියා දැන් දැන්