Thursday, November 22, 2012

සදහටම අහිමි තැන


තැන තැන ලතැව
කාලයක් පුරා..

නැවතුනි එතැන
සදහටම කියා..

හිත හිත ලතැව
කාලයක් පුරා..

සමුදුනි එතැන 
අහිමි යැයි කියා..



පැරදුනු රෝමියෝ


එපා එපා තව
කියා කියූ හිත
යලිත් නැවතුනා
සොඳුරු වතක් ඟ..

මවා මවා ඇය
සිනාසුණා හිත
ඇගේ සිනා මුව
දිවා රැයේ දැක..

පුරා පුරා පෙම්
මත් වී ඇයගෙන්
කලක් ගෙවූවත්
තවත් හීනයක..

ඇයත් ගිහින් අද
කමක් නෑ ඒකට
ඟ කෑල්ල
තවත් රසවත්..



Saturday, November 17, 2012

වළාකුල


නුඹ ඇගේ සිත වගෙයි
නිමේෂයෙන් නිමේෂය
දැනෙන දුක එකතු කොට
විඳ දරා වේදනාවන්
තවත් ඉවසනු බැරිව
එක් වරම
වසී මහ කඳුලු වැසි
ඒ අනන්ත වූ වේදනාවන්
දිය කර කඳුලු බිඳු වල



Thursday, November 15, 2012

සුසර වීම හා අනුනාද වීම (හෙවත් හැඩගැසීම හා සංවේදී වීම )


අනුකම්පා සිතින්
තැත් කළෙමි මදක්
නමුත්
සුසර කල නොහැක
මගේ හදවත
නුඹේ හදවතේ සංඛයාතයට
වෑයම තද කළහොත්
බිඳී යනු ඇත මා සිත

සුසර වූවද කොහොමින්
භේදක ලක්ෂයට පෙර
දිවි ගෙවනු කෙලෙස
එවන් ආතතියකින්
ආයාසයකින්
එහෙයින් සබඳ
සමුදෙන්න මට

අනුනාද නොවේ මසිත
නුඹේ ප්‍රේමයට..


Saturday, November 10, 2012

අපි සමාන්තර රේඛා දෙකක් වෙමු..


එකම තලයක
අනන්තයේ සිට
අනන්තය වෙත
එකටම පිය මනින
ජීවිතය දෙස
එකම කෝණයෙන්
එක ලෙස දකින

එනමුදු

කිසිදා හමු නොවන..





රාත්‍රියේ වට වැස්ස..

හිරුගෙන්   මිදී      හෝරාවෙකින්
දැනුනෙන්  සීත ගේනා       සුළන්
ඇසුනෙන්  ඈත හෝ ගා     හඬින්
ලකුණෙන් දැනිනි වැස්සක  ගමන්   

පොරවා හිසේ සිට පා    මතින්
යහනා   සුවේ මවලා     සිතින්
සැලසුම් ඇඳී  නිදනා   ලෙසින්
සයනේ  බලා ගියෙ මා  තුටින්

සැණෙකින් හිතේ  අකුණක් ලෙසින්
කෙටුනා     යමක්  සිහිවී      ගියෙන්
පෙරදා        පුරේ  සිඟමන්      යදින්
සිටි  ඒ        දනා  කෙලෙසක  නිදන්

නොතෙමුනු කඩ   පිලක්   කොහොමින් හොයන්නද
කොතැනක  මේ   පෙට්ටි  කොළ   ටික     එලන්නද
තෙතවුනු     ඇඳි   ඇඳුම්    හැර    තව        අදින්නද
නැති කල    වෙන ඇඳුම්    මං     මක්       කරන්නද

ඉඳ ගත්   පිලත්  හිරිකඩ   වලකනු    නොහැකී
හුළඟත්  ඇවිත්  හිරිගඩු    ඇහරන       සෙයකී
වහගත්   නමුත්  හිස සිලි  කවරෙන්       සුරැකී
දෙවියනි තවත්  සීතල      ඉවසනු     නොහැකී




Sunday, November 4, 2012

පෙරවදනකට පෙර පසුවදනක්..


කෙදිනක හෝ මෙලොවින් නික්ම යන දිනක
පසුවදනක් ලියන්නට කල් පැමිනි කල්හි
ප්‍රමාද වීමේ අවදානම මග හැර ගනු වස්
පෙරවදනකට පෙර ලියැවෙන පසුවදන..

දිවි මගෙහි මෙතෙක් දුර
එක් නිමේෂයක් හෝ
මා හා පියමැන්න
ළ'බැඳි මිනිසුනි,
මා නුඹෙන් ලද පැසසුම්
ඔවදන් සේම ගැරහුම්
මග කියා දුනි එන්න
මේ ගමන මේ ලෙසින්..

නුඹ කෙරෙහි හදේ රැඳි
ස්නේහය මෙලෙසින්
කිව නොහැක කෙදිනවත්
වචනෙකින් දෙකකින්
සිත රිදුම් දෙන දෙයක්
වියේ නම් මා අතින්
කමා අයදිමි දුකින්
නැවත නොරිදමි ඉතින්..

අවසරයි සමුගන්න
යලිත් නොදකින  ලෙසින්..





පිදුම..


වෙණා  සර ලෙසට,
වයා   ස්වර  රසට,
විඩා    බර   හිතට,

කලාබර පුදමි
...